ශ්‍රී ලංකාවේ මුසල්මානුවන්ට ඇති තර්ජනය – PressTV වාර්තාව





Sri Lanka: Muslims under threat again යන ශීර්ෂ පාඨය යටතේ වාර්තාමය වැඩසටහනක් PressTV ආයතනයේ වෙබ් අඩවියේ http://www.presstv.com/Program/310585.html පල කර ඇත. එම වීඩියෝව යූ ටියුබ් හිදී ද මෙතැනින් බලා ගත හැක.https://www.youtube.com/watch?v=AtelwMMt1t0 එම වීඩියෝව සමග පලවන වාර්තාව මෙසේය:

මියන්මාරයේ රෝහින්ග්‍යා මුසල්මානුවන්ට එරහිව සිදුකෙරුණ ජනවාර්ගික ශෝධනය ලොවම සසලිත කල අතර, ආසියාවේ නැගී එන මුස්ලිම් භීතිකාව කෙරෙහි ලොවෙහි අවධානය යොමු කළේය. දැන් ලංකාවේද මුසල්මානුවන් තර්ජනයකට බඳුන් වී සිටිති. මියන්මාරයේ සහ ලංකාවේ ඇති වී තිබෙන තත්වයේ සමානකම් බොහෝ ය. බෞද්ධ භික්ෂූන් නැගී එන ද්වේශ රැල්ලේ පෙරමුණ ගෙන ඇති අතර, රජය ඔවුන් ගේ පාර්ශවය ගෙන ඇත.

ආසියාතික කලාපයේ මුසල්මානුවන් හට තවත් බිහිසුණු තත්වයකට මුහුණ දීමට අවදානමක් ඇති අතර මුස්ලිම් පූජස්ථාන සහ ව්‍යාපාර වලට එරෙහිව ප්‍රහාර දැනටමත් සිදු වී ඇත. දැඩි මතධාරී ජාතිවාදී කණ්ඩායම් වල පෙරටුවෙන් සිටින බොදු බල සේනාව මියන්මාරයේ බෞද්ධයන් පවසන දෙය අනුනාද කරති. එනම්, “මුසල්මානුවන් රට අත්පත් කර ගන්නා අතර පල්ලි අධික ලෙස ඉඳි කරමින් අපේ සංස්කෘතිය වනසති” යන්නය.

Press TV වාර්තා වැඩ සටහන ආරම්භ වන්නේ මහනුවර බොදු බල සේනා රැස්වීමකදී, එම සංවිධානයේ සාදු කෙනෙක් පැවසූ කෙල ගසන කතාවෙන් ය. ඒ සාදු කියපු කතාව බොරු බව අමුතුවෙන් ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන අතර ඔහු එම බොරුව හොඳින් සිතා මතා පවසන ලද්දක් බව සුද්දන්ට වුව තේරෙන බව පෙනී යන්නේ වාර්තාව ආරම්භ කිරීමට ඔවුන් මෙම දර්ශනය යොදා ගත නිසාය. විවිධ ජන වර්ග අතර ඇති අනවබෝදය නිසා අසත්‍ය කරුණු ජනතාව අතර යෑම සාමාන්‍ය දෙයකි. එසේ සමාජ ගත වූ කරුණු වල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා නොකර නැවත ප්‍රකාශ කිරීම වගකිව යුතු පුද්ගලයන් නොකළ යුතු දෙයක් වන නමුත් එවැනි අවස්ථා වලදී සැකයේ වාසිය එම පුද්ගලයාට ලබා දීම සිදු කල හැක. බොදු බල සේනාව ඇතිවීමට වසර ගණනකට කලින් බෞද්ධ භික්ෂූන් කිහිප දෙනෙක් ලංකාවේ මුස්ලිම් ජනගහනයේ අසාමාන්‍යට වර්ධනයක් ඇති බව ප්‍රකාශ කිරීම එවැනි වැරදි දුර්මත ගොන්නට දැමිය හැක. නමුත් යමෙකු දැන දැන බොරු කියන්නේනම්, සහ, එම බොරුව පැවසීමේ අරමුණ වන්නේ හුදෙක් ද්වේශය ඇවිළුවීමනම් ඔහුගේ අන්තවාදය ගැන තව මොන කතාද?

වාර්තා වැඩ සටහනේ ඊළඟ දර්ශනයක බො.බ.සේනාවේ නායකත්වයක් දරන ගලගොඩ අත්තේ සාදු, කුරානය ගැන අන්තවාදී අදහසක් දක්වන අයුරු පෙනෙන්නට ඇත. “ඒ ගොල්ලෝ ඇවිල්ල වෙඩි තියනකම් අපට භාවනා කරන්නද කියන්නේ?” ලෙස ඔහු ප්‍රශ්න කරයි. බැලූ බැල්මට සාධාරණ ලෙස පෙනෙන (නමුත් ඇතුලේ හිස්) මෙවැනි තර්ක භාවිතා කිරීම අලුත් දෙයක් නොවේ. මේ සාදු වෙඩි තැබීමක් ගැන පවසමින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ප්‍රචන්ඩකාරිත්වය සහ නීතිය අතට ගැනීම සාධාරණීකරණය කිරීමයි. නමුත් සැබෑ තත්වය වන්නේ ඔහුට වෙඩි තැබීමේ අවධානයක් නොමැති වීමයි. මනංකල්පිත මුස්ලිම් සන්නන්ධ ප්‍රශ්නයක් මතු කර ඇත්තේ සිය ක්‍රියා පටිපාටිය සාධාරණීකරණය කිරීමටත්, ජනතාවගේ හැගීම් ඇවිස්සීමටත්ය.

මෙම වාර්තාවේ ඥානසාර සාදු ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන අයුරු වාර්තාකරුට පැහැදිලි කරන අයුරු විශේෂයෙන්ම නැරඹිය යුතු කොටසකි. මේ වැඩසටහනේ දයාන් ජයතිලක, අසාද් සාලි, දිලන්ත විතානගේ, රවුෆ් හකීම් සහ ඥානසාර සාදු ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ සම්මුඛ සාකච්ඡා ඇතුලත්ය.
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. இலங்கை முஸ்லிம் - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger