Jul. 22 Comments Off
ශ්‍රී ලංකා
තව්හීද් ජමාඅත් සංවිධානය ප්‍රසිද්ධ විවාදයකට කැදවා තිබෙන සිංහල රාවය සංවිධානය ෆේස්
බුක් වැනි සමාජ ජාලයන්හි සහ ඇතැම් නුසුදුසු වෙබ් අඩවිවල නිවේදන නිකුත් කර තිබේ.
ඉස්ලාම් දහමට එරෙහිව එල්ල වන චෝදනාවලට නිසි
ලෙස පිළිතුරු ලබා දී ප්‍රසිද්ධ විවාද පිටිවල සත්‍යාසත්‍ය කුමක් දැයි සනාථ කිරීමට
සැමදා සූදානම් යැයි කිහිප අවස්ථාවක දී ම ශ්‍රී
ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය නිල නිවේදන නිකුත් කර තිබෙන බව නිහතමානීව දැනුම් දී
සිටින්නෙමු.
ඒ
කිසිදු අභියෝගයක් භාර නොගෙන දැන් විවාදයකට සූදානම් යැයි නොහොබිනා තැන්වල ලියන මේ
බුද්ධිමත් (?) පිරිස
එකදු ලිපියක්වත් මේ වන තුරු අප සංවිධානයට එවා නොමැති බව පැහැදිලිව දැනුම් දෙන අතර
අදාළ විවාද අභියෝගය ගැන සමාජ
ජාලයන්හි දැනුම් දෙන විට දී ද අසභ්‍ය වචන භාවිත කර තම සංයමය ප්‍රදර්ශනය කර තිබීම කණගාටුවට
හේතුවකි. එමෙන් ම
අප සංවිධානය ආගම්වලට ගරහා තිබෙන බව ද සදහන් කරමින් නොයෙකුත් මුසාවාද දොඩවා ඇත. ව්‍යාජ
ප්‍රචාරයක් දියත් කර මහ ජනතාව නොමග යවා ඇත.
අදාළ
අභියෝගය සැබවින් ම සිංහල රාවය සංවිධානයේ අභියෝගයක් නම් සිංහල රාවය සංවිධානය අපත්
සමග විවාද කරන්නට සූදානම් නම් අප සංවිධානයට ලිඛිතව ඒ පිළිබද ව දැනුම් දී තිබිය
යුතුය. අභියෝගය යොමු කළ යුතු තැනට යොමු නොකිරීමෙන් පාලු ගෙයි වලන් බිඳ තිබෙන්නේ
සිංහල රාවය සංවිධානය බව මොනවට පැහැදිලි වේ.
කාත්
කව්රුත් නිසි ලෙස හා ඍජු ලෙස අපට සම්බන්ධ වී අභියෝග කළා නම් ඒ අභියෝග හිසට උඩින්
භාර ගන්නට අපි කවදත් සූදානම්!!! ඒ අභියෝගය ඉදිරිපත් කරන්නේ මුස්ලිම් සංවිධානයක් හෝ
මුස්ලිම් නොවන සංවිධානයක් හෝ වේවා සත්‍ය සනාථ කරන්නට අප සැමදා සූදානම්!!!
මීට
හිතවත්
ආර්. අබ්දුර් රාසික්
මහ ලේකම්
ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානය
21.07.2013

Post a Comment