சவுதியையும் ஷரீஆவையும் சாடும் சிங்கள இணையதலங்கள்


සෞදියේදි බුදුන් වැදීම මරණයෙන් කෙළවරවීමක්ද ???

දැනට මාස දෙකක පටන් තම කාමරය තුළ බෞද්ධයෙකු ලෙස බුදුන් වැඳීම නිසා මූලධර්මවාදි මුසල්මානුවන් විසින් ඔහුව ෂරියා නීතිය යටතේ සිරගත කොට අදවන විට මරණීය දණ්ඩනයට නියම කොට ඇත. මේ බව බොදු බල සේනා සංවිධානය මගින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාත් මධ්‍ය නිවේදන මගින් හෙළි කර තිබේ. මුස්ලීම් රටවල සේවය කරන අපේ සිංහල බෞද්ධයන්ට දැන් දැන් තම ආගම ඇදහීම පවා තහනම්!
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීමට බොදු බල සේනා සංවිධානය කොළඹ දී ඊයේ (05) මාධ්‍ය හමුවක් පවත්වා ඇත. ඊට මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන් තරුණයාගේ බිරිඳ සහ මව ද එක්ව සිටීම විශේෂත්වයකි. සෞදි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයාගේ බිරිඳ මෙහිදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මාස දෙකක් තිස්සේ කිහිප අවස්ථාවක ගිය නමුත් ඊට නිසි ප‍්‍රතිචාරයක් නොලැබුණු බවයි.
පසුගිය දින කීපයේදී ජනමාධ්‍ය වලින් ඉහත සිද්ධිය ගැන ලද පුවත් වාර්තා කිරීම හමුවේ ජනතාව විමසිලිමත් වීමත් සමගම බොහෝ අය දන්නා හේතුවක් නිසා හොරට නිදා සිටි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය යන්තම් ඇහැරී තිබේ. සෞදි පොලිසිය විසින් මෙම ශී‍්‍ර ලාංකික තරුණයා අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පිළිබඳව සවිස්තර වාර්තාවක් එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇති බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවදුරටත් ප‍්‍රකාශ කර ඇත. මීට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ නඩු කටයුත්තට මැදිහත්විය හැකි ආකාරය පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය විසින් කරුණු අධ්‍යයන කිරීම ආරම්භ කර ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. නමුත් පසුගිය කාලයේදී විදේශ අමාත්‍යාංශය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුඑන් පෙනී සිටි නිද්‍රාශීලී ආකාරය දෙස බලද්දී මේවා හුදු ප්‍රකාශ පමණක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වැටහෙයි.
නමුත් කණගා‍ටුවට කරුණ වන්නේ හිතක් පපුවක් නැති සමහරක් ඉස්ලාමික මූලධර්මවාදීන් (ඉස්ලාම් ආගමේ මූලධර්ම අනුව කටයුතු කරන්නන්) විසින් එලෙස ප්‍රේමනාත් තුංගසිරි මහතාතාගේ ගෙල කපා මරා දැමීමට කටයුතු කිරීම සාධාරණීකරණය කර තිබීමයි. නමුත් මුස්ලීම් අයම මීට ටික කාලයකට පෙර සෞදි අරාබියේදී ළදරුවෙක්ව මරා දැමීමට වැරදි කාරියක් වූ රිසානා නෆීක් නැමති මුස්ලීම් තරුණිය වෙනුවෙන් හඬ නැගූ හැටි අපට අමතක වී නැත. එහිදී සිංහල බෞද්ධයින් පවා රිසානා නෆීක්ව බේරා ගැනීම වෙනුවෙන් පෙනී සිටි අතර, මනුෂ්‍ය ඝාතනයක් වෙනුවෙන් ඇය වැරදිකාරියක් වුවත් ඇයව මරා දැමීම කිසි සේත්ම සාධාරණීකරණය කළේ නැත. ඉතින්, මනුෂ්‍ය ඝාතන චෝදනාව ලත් රිසානා නෆීක්ව බේරාගැනීම වෙනුවෙන් පෙනී සිටි මුස්ලීමුන්, බුදුන් වැඳීමේ වරදට ප්‍රේමනාත් මහතාව අමානුෂික ලෙස මරා දැමීම සාධාරණීකරණය කිරීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ පහත් මානසිකත්වය සහ ඔවුන්ගේ හිත තුළ පුපුරු ගසමින් පවතින බෞද්ධ විරෝධය නොවේද?
සෞදි අරාබිය තුළ ප්‍රතිමා වන්දනාව තහනම් නිසා එම නීතියට සියල්ලන්ම ගරු කළ යුතු බවත්, ඒ අනුව බුදුන් වැඳීමට මරණ දඬුවම දීම සාධාරණ බවත් සමහරුන් පවසයි. නමුත් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 1948/12/10 දින සම්මත කරගනු ලැබු සියළුම රටවල් එකඟ වූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 18 වන වගන්තියට අනුව සෑම පුද්ගලයෙකුටම සිතිමේ හා ආගම ඇඳහීමේ අයිතිය තහවුරු කර ඇත. මේ වෙනකොට සියළුම මානව හිමිකම් උල්ලංඝනය කර දමන මුසල්මානුවෝ, එක්සත් ජාතින් ගේ සංවිධානය විසින් සම්මත කරගනු ලැබු එම ආගම ඇඳහීමේ අයිතියද උල්ලංඝනය කර ඇත.
• Everyone has the right to freedom of thought, conscience and religion; this right includes freedom to change his religion or belief, and freedom, either alone or in community with others and in public or private, to manifest his religion or belief in teaching, practice, worship and observance.

ඉහත UNO ප්‍රකාශයේ පැහැදිළිවම “වන්දනා කිරීමට” අයිතිය ඇති බව දක්වා තිබීමත්, එක්සත් ජාතින්ගේ සංවිධානයේ කොටස්කාරයෙක් වන සෞදි රජයත් ඊට අත්සන් තබා තිබීමත් අනුව සෞදි අධිකරණයෙන් ලබා දී ඇති මරණ දඬුවම පැහැදිළිවම නීති විරෝධී එකක් බවට පත් වෙයි.
අනික් අතට බුදු පිළිම වලට නැමැදීම බෞද්ධයින්ට අනිවාර්ය වත් පිළිවෙතක් නොවුනත් එය “බුද්ධාගමේ” චාරිත්‍රයකි. එනම් බෞද්ධ සංස්කෘතික අංගයකි. පිළිමයකට වැඳීම වැනි කාටවත් හිංසාවක් නොමැති අවිහිංසාවාදී සංස්කෘතික අංගයක් වෙනුවෙන් මරණ දඬුවම දීම ඉතාමත් ම්ලේච්ඡය.
සෞදියේදී ප්‍රතිමා වන්දනාවට මරණ දඬුවම දීම සාධාරණීකරණය කරන මුස්ලීමුන්ගේම අනාගත පරම්පරාව, නුදුරදීම ශ්‍රී ලංකාවේ බහුතරය වූණ විට අපගේ මතු පරපුරට යන කල දසාව ඉතාමත් බියකරු වේවි. මිතුරනි, සැබෑ ජාතිවාදය (මුස්ලීම් ජාතිවාදය) වන්නේ ඉදිරියේ ඇති මේ අන්තරාය ගැන කතා නොකර සිටීමයි.
මේ සම්බන්ධිත වැදගත් ලිපි:
මුස්ලීමුන්ව බෙල්ලේ එල්ලා ගනිමින් ඇමරිකාවෙන් බේරීමට හැදීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීම.

අන්තවාදී මුස්ලිම්කරනය නවතා දැමිය යුතුයි..

අපි නොදන්න අපේ නිදහස

ප.ලි: මුහුණු පොත හරහා මා මිත්‍ර නීති ශිෂ්‍යයෙක් වන දිලීප් ප්‍රසාද් මහතා දක්වා ඇති කෙටි අදහසක් අවසානයේදී උපුටා දැක්වීම සුදුසු යැයි සිතේ.
“සෞදියේ බුදුන් ඇදහූ ශ‍්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම්” යන්න [ http://www.hirunews.lk/sinhala/38087 ] වාර්තා වීම තුළින්ම [එකී ප්‍රවෘත්තිය තුළි අසත්‍යක් ගැබ්ව ඇතැයි කිසිවකු සිතන්නේ නම් එහි අසත්‍ය වන ප්‍රමාණය පිළිබඳව එකී තැනැත්තාට සොයා බැලිය හැකිය!] වාර්තා වීම තුලින්ම එරටේ ආගමික නිදහසේ තරම කොතරම්දැයි හා එයට නීතියේ දායකත්වය කොතරම් දැයි මනාව පෙන්නුම් කෙරේ. නීතිය යොදා ගෙන අයිතිවාසිකම් පුළුල් කිරීම නොව අයිතිවාසිකම් දැඩි සේ සීමා කිරීමක් වි ඇති බව වාර්තා වෙන පුවත අනුව අපට ගත හැකි නිගමනය වේ! ඉහත ප්‍රවෘත්තිය හා සෞදි රටට ප්‍රතිමාවක් රැගෙන යෑමට ඇති නොහැකියාව යන්න අනුව ඉස්ලාම් අදහන මුස්ලිම් නොවන ජාතිකයෙක්ට එරට තුලදී සිතීමේ හෘද සාක්ශියේ හා ස්වකීය ආගමික නිදහස යන්න අතිශයින් සීමා කර ඇති බව කිව හැකිය! එය ඔවුන්ගේ නීතිය අනුව නීත්‍යානුකූල විය හැකි වුවද එලෙස ආගමක් ඇදහීම සීමා කිරීම් සදාචාරය පැත්තෙන් පටහැණිය, එබැවින් එවැනි සීමා කිරීම් පනවන නීතිද සදාචාර විරෝධී මට්ටමේ ඒවා යැයි පැවැසීමේ වරදක් නොමැත!
බෞද්ධ රටක් වන මෙරටේ ජීවත් වන මුස්ලිම් ජනතාව සැලකූ විට ඔවුන්ට සිය ආගම ඇදහීමට විරුද්ධව එරටින් ශ‍්‍රී ලාංකික තරුණයෙකුට නියම වූ ආකාරයේ දඩුවමක් තබා වෙනත් දඩුවමක් හෝ නියම වී නැත්තේය! ඒ අනුව එරට හා සංසන්දනය කල විට අප ශ්‍රී ලංකාවේ ආගමික නිදහස යන්න කෙතරම් ඉහළින් තිබේද යන්න මනාව පැහැදිලි වේ! එහෙත් එසේ තිබීයදී ඇතැමුන් නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වූයෙන් එවැන්නකට පසුගිය දිනෙක නීතිය භාවිතයෙන් අධිකරනය නියෝගයක් ලබාදුන්නේ පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙසට ගැසට් කර තිබූ කූරගල බෞද්ධ පුදබිමේ මුස්ලිම් ජාතිකයින් විසින් අනවසරයෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන තුනක් වහාම කඩා ඉවත් කරන ලෙසටය!!!! නීතිය ගැනම කතා කරන්නාවූ ඇතැමුන්ගේ නීති විරෝධී ක්‍රියාකලාපයන්ට එසේ නීතියෙන්ම පිළිතුරු ලැබිණි!


Under Creative Commons License: Attribution
Share this article :

Post a Comment

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. இலங்கை முஸ்லிம் - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger